Colombo Today Local News

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු පුද්ගලයෙක් බවට පත්වුණ කෙනෙක් බව ජනප්‍රිය රංගන ශිල්පිනීයක වන සමනලි ෆොන්සේකා පවසයි.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ‘අනිද්දා’ පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඇය එබව සඳහන් කර තිබේ. ඇය වැඩිදුරටත් මෙසේද කියා සිටියි.

” අපි කලාකාරයෝ විදියට කිසිම දෙයක් බලපොරොත්තු නොවී 2015 ජනාධිපතිවරණයේදී වැඩ කළේ. ඒ සියල්ල ජනාධිපතිවරයා විසින් පාවාදීම ඉතාම කණගාටුදායක විදියට රටට බලපාලා තියෙනවා.

අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව බලයට ගේනකොට ඔහු නිර්මල දේශපාලනයක් කරයි කියලා බලපොරොත්තු වුනේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වුණා යම් යම් වෙනසක් පොදු ජනතාවගේ බලපෑම මත කරයි කියලා.

ඒ වෙනකොට තිබුණ මහින්ද රාජපක්ෂ සංස්කෘතිය අපිට බිඳ දාන්න පුළුවන් වෙයි කියන හැඟීමක් අපිට තිබුණා. නමුත් මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු පුද්ගලයෙක් බවට පත්වුණ කෙනෙක්.

මෑතකදී ආරක්ෂක අංශ ප්‍රධානියෙකුට වත්මන් ජනාධිපතිවරයාම මැදිහත් වෙලා ලියුමක් යවලා තිබුණා. ඒ සිද්ධිය ඉතාම බරපතලයි භයානකයි.

මේ හැම දේකම තියෙන බරපතල කම මිනිස්සුන්ට තේරෙනවාද දන්නේ නැහැ. මොකද මේ දේශපාලනයේ අනතුර දැනට තියෙන්නේ වෙනම තලයක නිසා.

Related posts

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

colombotoday

“ඔලුගෙඩි මාරුවකින් වැඩක් නැහැ… එජාප නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි” – එජාප මන්ත්‍රී මයන්ත

colombotoday

“පාළු පිට්‌ටනිවල පොලු වනන්නේ නැතුව වාදයට එනු” – ‘සාධාරණ කල්ලියට’ විජේදාසගෙන් අභියෝගයක්

colombotoday

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin

ඖෂධ ඇණවුම් ප්‍රමාදයි

Admin