Colombo Today Local News

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

1780685341gu-a-L

1815 දී රට පාවාදීමට වඩා දරුණු පාවාදීමක් මේවන විට රජය විසින් සිදුකර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘ජාතික සංවිධාන එකමුතුව’වෙනුවෙන් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ එදා සිංහල බෞද්ධයින්ගේ කොන්දේසි ගැන කතා බහ කිරීමට අවස්ථාව තිබුණද අද එවැනි අවස්ථාවක් හෝ ලබාදී නොමැති බවයි.

රට විසින් ජාත්‍යන්තරය දිනා ඇති බවට ඇතැම් පුවත්පත්වල පළවුවද සැබිවින්ම සිදුව ඇත්තේ රට ජාත්‍යන්තරය හමුවේ පාවාදීමකැයි අමරසේකර මහතා මෙහිදී සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට අමෙරිකාව විසින් ගෙන එන ලද යෝජනාව පිළිගැනීමෙන් මෙම මහා පාවාදීම සිදුකර ඇති බවත්, හුසේන් කුමරුගේ යෝජනාවේ හා අමෙරිකානු යෝජනාවේ වෙනසක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

අමෙරිකානු යෝජනාවේ පවත්නා එකම වෙනස ‘හයිබ්‍රිඩ්’යන වචනය ඇතුළත් නොවීම පමණක් බවත්, එසේ වුවද එකී ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් අමරසේකර මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාදාමයට එරෙහිව කතා කිරීමෙන් පමණක් පලක් නොවන බවත්, ජනතාව එක්ව එක පෙරමුණක් ලෙස සටන් කළ යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ මෙම යෝජනාවට පක්ෂව අත නොඔසවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

එසේම මෙම මහා පවාදීමට එරෙහිව ජනතාව දැනුවත් කරන ලෙස භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත්, උන්වහන්සේලාගේ ධර්ම දේශනා, පිංකම් කටයුතු , ආගමික වතාවත් ආදියේදී මෙම පණිවිඩය රැගෙන යා හැකි බවද නාලක හිමියන් සඳහන් කළේය.

එසේ නොවුණහොත් මෙම ආණ්ඩුව ‘පාලු ගෙදර වළං බිඳින සේ” මේ කටයුතු තම සිතැඟි පරිදි ඉදිරියට කරගෙන යනු ඇතැයි නාලක හිමියන් අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ 1815 ගිවිසුමේදී යම් පමණකට හෝ සද්භාවයක් පැවතුණු බවත්, බ්‍රිතාන්‍යයන් එහිදී සිංහලයින් රැවටූ බවත්ය.

එහෙත් මෙහිදී කිසිදු සද්භාවයක් නොමැති බවත්, රට මහා පාවාදීමකට ලක් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

අමෙරිකානු යෝජනාවේ යුද උපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් ඝාතනය කළ බව හා ස්ත්‍රීන් දූෂණය කළ බව කියා සිටින නමුත් එවැන්නක් විශ්වාස කළ නොහැකි බව කුමාරතුංග මහතා අවධාරණය කළේය.

Related posts

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

බාලගේවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

Admin

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

Admin

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

colombotoday