Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගෙන් 08 දෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර තිබෙනවා.

මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා හැර අනෙකුත් මන්ත්‍රීවරුන් 08 දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි මෙලෙස භාර දී ඇති බවයි වාර්තාවන්නේ.

කබීර් හෂිම් මහතා මේ වන විට විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව රාවුෆ් හකීම්, රිෂාඞ් බදියූදීන්, අබ්දුල් හලීම්, අබීර් අලී ෂියාබ්දීන්, ෆයිසාල් කාසිල් මොහොමඞ්, සියාබ් අලි සාබීර් සහ අබ්දුල්ලා මහරුෆ් යන මන්ත්‍රීවරුන් 08 දෙනා ඔවුන් දැරු ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබෙනවා.

කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධූර දැරු මුස්ලිම් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ඉකුත් දෙවැනි දා සිය ධූරවලින් ඉවත් වන බවයි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.

Related posts

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday

අපේ ගෑනු වැඩිපුර බියර් බොන්න පුරුදු වෙලා – ජනපති

colombotoday