Colombo Today Local News

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

පාස්කු ඉරුදින ප්‍රහාරය සහරාන් හෂීම් විසින් සිදුකර ඇත්තේ වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳව නිසි තොරතුරු ලබාගැනීමට නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන ‘සාරා’ නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බවය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,”දැනට අපිට මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි ‘සාරා’ නැමති කාන්තාව ඉන්දියාවේ ඉන්නවා කියලා තොරතුරු පළ වෙලා තියෙනවා. ඒ නිසා වහාම අපිට සාරාව ඉන්දියාවෙන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් මේ පාස්කු ප්‍රහාරයේ සියලු දේවල් අපිට දැන ගන්න පුළුවන් වේවි කියන එක තමයි මම කොමිසමට කිව්වේ. මෙහෙම සංවිධානය වෙලා මේ වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් හයියක් කවුද මොවුන්ට ලබා දුන්නේ කියන එකයි අපිට තියෙන ගැටලුව. ඒ සියලු දේවල් හොයා ගන්න පුළුවන් ඉන්දියාවේ ඉන්න සාරාව ගෙනවා නම්.” යනුවෙන් ද පැවසීය.

ප්‍රශ්නය – ඔබ තුමා සාක්ෂි දෙමින් කියනවා සහරාන්ගේ එල්ල කළ ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් ඉන්නවා කියන කාරණය. මොකද්ද මේ හෙළිදරව්ව ?

“විශේෂයෙන්ම මේ රටේ ජීවත්වෙන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. එහෙම උවමනාවකුත් නෑ. බෝම්බ අඟේ බැඳගෙන ගිහින් අහිංසක ජනතාව යාඥා කරන පල්ලිවලට ආගමික ස්ථානවලට ගිහින් පුපුරුවා ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් ඉෂ්ට කළ දෙයක්.”

Related posts

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

colombotoday

අන්තර්ජාලය හරහා වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් කාත්තන්කුඩිදී TID අත්අඩංගුවට

colombotoday