Colombo Today Local News

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

මුල්ලේරියාව රෝහල තුළ දී දෙවැනි රැල්ලේ කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවන් 43ක් දරුවන් ප්‍රසූත කර ඇති අතර ඉන් හතර දෙනකු සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කර ඇතැයි ද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළාය.

කොවිඩ් ආසාදිත කාන්තාවකට සිසේරියන් සැත්කම කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වුවත් මේ වන විට මව්වරුන් පස්දෙනකු සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කර ඇති බවත් ඒ සියලුම දෙනා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඇය පැවසුවාය.

කොවිඩ් ආසාදිත කාන්තාවන් බිහි කරන දරුවන් රඳවා තැබීම සඳහා ‘නව ජන්ම ළදරු ඒකකයක්’ ස්ථාපිත කර ඇත. කොවිඩ් ආසාදිතයන් සඳහා රෝහල තුළ ස්ථාපිත කර තිබෙන ඇඳන් සංඛ්‍යාව 123ක් වන අතර ඊයේ (12 වැනිදා) වන විට ඇඳන් 120ක්ම පිරී අවසන් බව ද ඇය සඳහන් කළාය. අයි.ඩී.එච්. රෝහල තුළ හදිසි සැත්කම් කිරීමට අවශ්‍ය රෝගීන් පවා යොමු කරනුයේ මුල්ලේරියාව රෝහලට බවත් අවම රෝහල් කාර්ය මණ්ඩලයක් මගින් රෝගීන්ට උපරිම සේවයක් සලසන බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.

Admin

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

colombotoday