Colombo Today Local News

මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙට්කොඩ් වයර් තොගයක් සමග පුද්ගලයෙකු මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී අදාල සැකකරු සඟවා තිබූ ඩෙට්කොඩ් වයර් අඩි 20 ක් සමග තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් තිබී හමු වූ බවට පොලීසිය පවසයි.

අදාල පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන සිටීම සමබන්ධයෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ඔහු පුදුමාතලන් ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙකු වන අතර සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පවසයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

රාජගිරියේ අනතුර වෙලාවෙ මම ගෙදර හිටියා කියලා පරීක්ෂණවලින් ඔප්පු වුනා… මම නිදොස් !

colombotoday

ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin