Colombo Today Local News

මිලියන 4ක කෘෂි රසායනික දියර සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 40 කට අධික වටිනාකමින් යුතු මෙරට භාවිතය තහනම් කරන ලද කෘෂි රසායනික දියර කෑන් නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියවැව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙරට භාවිතය තහනම් කරන ලද කෘෂි රසායනික ලීටර් 4 බැගින් අඩංගු කෑන් 544 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම කෘෂි රසායනික දියරවල වටිනාකම රුපියල් ලක්ෂ 42 ක් පමණ වන බව සඳහන් වේ.

28 හැවිරිදි සැකකරු සූරියවැව, විහාරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (19)දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ තීරණය අතිහිටවයි

colombotoday

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin