Colombo Today Local News

මිල්කෝ සමාගම සත්ව ආහාර සදහා අලෙවි කල කිරිපිටි ගැන පරීක්ෂණයක් කරන්න. – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ…..

“මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාර සදහා නිකුත් කර තිබුනු එම කිරිපිටි තොගයෙන් ටොන් 200 ක් අදාල සමාගම විසින් මිලදී ගෙන තිබූ අතර එම කිරිපිටි තොගයෙන් ටොන් 15 කට සිදුවූයේ කුමක්දැයි තවමත් සොයා ගෙන නැති අතර වෙළදාමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ සොහොයුරෙකු අදාල සිදුවීමට සම්බන්ධ බවට අප සංවිධානය වෙත තොරතුරු වාර්තා වෙමින් පවතී. පරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම කරද්දී අදාල සමාගම එම කිරිපිටි මනුෂ්‍ය පරිභෝජනය සදහා අලෙවි කිරීම සදහා සුදානම් කරමින් තිබී ඇත.”

“1980 අංක 26 දරණ ආහාර පනතේ පස්වන (5) වගන්තියට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සදහා ප්‍රධාන ආහාර බලධාරියාගේ නිසි අවසරය ලබා ගත යුතුය. අප සංවිධානයට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාල කිරිපිටි තොගය වෙළදුන්ට විකිණිම සදහා නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටියද අනුගමනය කර නැත. තවද සත්ව ආහාර සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මීට පෙර අලෙවි කිරීමේදී එම කිරිපිටිවල පාට වෙනස්වන ලෙස ඩයි කවලම් කර විකුණා ඇති අතර මෙම කිරිපිටි තොගයේ එසේ පැහැය වෙනස් කොට නොමැත.”

“ඒ අනුව පෙනී යන්නේ කූට ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගිකයින් මුලා කිරීම සදහා මිල්කෝ සමාගමේ නිළධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බවයි.”

“ජනාධිපතිතුමනි,
හොරාගෙ අම්මාගෙන් පේන අසන්නේ නැතිව මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි සත්ව ආහාර සදහා අලෙවි කිරීමේ සිදුවීම පිළිබදව වහාම කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝග කරනලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.”

Related posts

යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි, පොළොන්නරු ගමන හදිස්සියේ අවලංගු කරයි

colombotoday

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලංකාවේ දෙමළ ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න..- සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

colombotoday