Covid 19

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 14,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ , ඊයේ දිනයේ නව ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව පෑලියගොඩ සහ දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 කි.

වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5810 ක්.

කොරොනා ආසාදිතයින් 311 දෙනෙකු ඊයේ සුවය ලැබුවා.

ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11806 කි

තවත් කොරොනා මරණ තුනක් ඊයේ වාර්තා විය.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 84 හැවිරිදි කාන්තාවක් , 70 හා 75 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාව සිය නිවසේදී මියගොස් ඇති බවයි.

මරණයට හේතුව දියවැඩියා රෝගය සමග කොරෝනා ආසාදනය වීම බව හෙළි වී තිබේ.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයා අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහු නිධන්ගත වකුගඩු රෝගයකින් සහ ආඝාත තත්ත්වයෙන් පෙළුණු අයෙකු බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගිය 75 හැවිරිදි පිරිමි පුද්ගලයා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

ඔහුට දියවැඩියාව හා සංජානනීය හෘද රෝගය සහ කොරෝනා ආසාදනය වී ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මේ සමග මෙරටින් වාර්තාවන කොරොනා මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 136ක්

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

තවත් තහවුරු කළ කොවිඩ් මරණ 94ක් | සමස්ත මරණ සංඛ්‍යාව 5,200 ඉක්මවයි

colombotoday