Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

මහ මැතිවරණයෙන් පසු සිය දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හෙට (14) දිනය වන විට ලබාදෙන ලෙසට මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

එහෙත් පක්ෂ කිහිපයක් මේ වන විටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කර නැහැ.

කෙසේ වෙතත් මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ප්‍රකාශයට පත් නොකළ සමගි ජන බලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 ඊයේ (12) පස්වරුවේ නම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සදහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉම්තියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය ඊට නම් කර ඇතිබව සඳහන්ය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමත් සමග මේ වනවිට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරිමට එම පක්ෂය ඊයේ තීරණය කර තිබුණි.

Related posts

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

වැසිකිළි යන ගැහැණුන් දෙස හොරෙන් බැලූ කෑගැල්ලේ මුස්ලිම් අයෙක් පහර දී මරා දමලා

colombotoday

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday