Colombo Today Local News

මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇවිලේ

මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමේදී මැතිවරණ කොමිෂන් සභාවද කිසියම් නම්‍යශීලිභාවයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (17)දින පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ නියෝජිතයින් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් ද එක්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.

මහ මැතිවරණයේ මනාප අංක ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී දේශපාලන පක්ෂ කාර්යාලවල අපේක්ෂකයින්ගේ මනාප අංකය සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර ඉතා උණුසුම් කථාබහක් සිදුව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පක්ෂවල ඉල්ලීමට කිසියම් එකඟතාවක් පළකර ඇතත් කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා ඊට කිසිදු එකඟතාවයක් පළකර නොමැති බව වාර්තා වේ.

සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම කාරණය දැඩිව අවධාරණය කර ඇති අතර කොමිසමේ සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයින් දෙදෙනා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ මනාප අංක සහ ඡායාරූප පළකිරීම නීත්‍යානුකූලවම සිදුවිය යුතු බවය.

එහෙත් පසුගිය මැතිවරණවලදී මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර කිසියම් එකඟතාවයකට අනුව මනාප අංක සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සිදුකර ඇති බව ද එම අවස්ථාවට එක්වූ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී ඇත.

Related posts

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…

colombotoday

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday