Colombo Today Local News

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

යුද අපරාධ චෝදනා සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් 2019 වසරේදී ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට යොමු කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් ස්‌කූලි මානව හිමිකම් කවුන්සලයේදී ඊයේ (28 දා) තර්ජනය කළේය.

ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට මේ වනතෙක්‌ කටයුතු කර නැති බවද ඔහු චෝදනා කළේය. විදේශිකයන් පස්‌ දෙනකුගෙන් සහ තමිල්නාඩුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ ගනේෂ් කුමාර්ගේ සහභාගීත්වයෙන් යුත් රැස්‌වීමකදී ඔහු එසේ ශ්‍රී ලංකාවට තර්ජනය කළේය.

එම රැස්‌වීමට ඊළාම් ක්‍රියාකාරීහු තිහකට වැඩි පිරිසක්‌ ද, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියද සහභාගීව සිටියහ.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

ආපදා මර-ණ ඉහළට

Admin

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

මාවුස්සා කැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් හා ජලාශයේ කුඩා දිවයිනක් අරාබියට දෙන්න යයි

Admin

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin