Colombo Today Local News

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

දේශපාලන දිවියට වසර 50ක් සම්පූර්ණ කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූභාශිංෂණ පළ කර තිබේ.

නිරෝගිමත් හා සාමකාමී ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිංෂණය කළ බවයි මෙම සුභ පැතුමෙහි සඳහන් වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවිය ආරම්භ කළේ 1970 වසරේ මැයි 27 වැනි දින පැවති මහමැතිවරණයට තරග කරමින්ය.

එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණි. ඒ අනුව ඔහුගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පූර්ණ වූනේ ඊයේ (27) දිනයේදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පුර්ණ විම නිමිත්තෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සුභ පැතුමක් සටහන් කර තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා මෑත ඉතිහාසයේ බිහි වූ අග‍්‍රගන්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත නායකයෙකු බවයි එහි දැක්වෙන්නේ.

Related posts

වීසා අවලංගු කල අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප් ගෙවන්න… ජනපතිගෙන් උපදෙස්

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday