Colombo Today Local News

“මහානායක හිමිවරු අනුමැතිය දෙනවානම් සංඝාධිකරණයක් පිහිටුවනවා“ – අගමැති

සංඝයා වහන්සේලාගේ අධිකරණ කටයුතු විසඳාගැනීම සඳහා සංඝාධිකරණයක් තිබිය යුතු බව තමන්ගේද පෞද්ගලික මතය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මහනායක ස්වාමීන් වහන්සේලා සංඝාධිකරණයක් අවශ්‍ය බවට යෝජනා කළහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර දිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලාගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (02දා) මහා සංඝරත්නය සමග පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ විදේශ රටවල පිහිටි බෞද්ධ විහාරස්ථාන සහ බෞද්ධ මධ්‍යස්ථාන පාලනය කිරීම සඳහා මහනායක හිමිවරුන් විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

විදේශ රටවල පිහිටි විහාරස්ථාන සහ බෞද්ධ මධ්‍යස්ථාන පිළිබඳ යම් යම් ගැටලු ඇති වී තිබෙන නිසා මෙම යෝජනාව සිදුකරන බවත්, රජයක් වශයෙන් සංඝ වහන්සේලා පාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් අගමැතිවරයා පවසා සිටියේය.

තරුණ භික්ෂූන් වහන්සේලා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සහ අධ්‍යාපනය හදාරා අවසන් කළ තරුණ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ගැටලු පවතින්ටන් යැයි වාර්තා වන බවත්, මේ නිසා මෙම ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කළ බවත් ඔහු පවසා සිටියේය.

මීට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා අවසන් කර ඇති භික්ෂූන් වහන්සේලාට ගුරු වෘත්තිය ඇතුළු ගැළපෙන වෘත්තීන් ලබාදීම කෙරෙහිද අවධානය යොමුව තිබෙන අතර, විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාට සහ ගිහි ශිෂ්‍යයන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමටද සැලසුම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

Related posts

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

අඹු-සැමි යුවළක් තරුණයෙක්ට නිරුවත් කර පහරදෙයි

colombotoday

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday