Colombo Today Local News

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වේදනාව පලකරන කොළඹ පළමු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය එය වලක්වා ලීමට ආණ්ඩුව ආරම්භයේදීම අපොහොසත් වීම ගැන කනගාටු වෙයි.

නිවේදනයක් නිකුත් කරන රෝසි සේනානායක ජාතියක් ලෙස මේ පිළිබඳව උදාසීන දැක්මක් දැරුවහොත් අන්තවාදීන් ජයගනු ඇති අතර “අපට අප හැර ඒ ගැන දොස් පැවරීමට කිසිවකු නොමැති වනු ඇත,” යි අනතුරු අඟවා සිටී.

“මෙවැනි තත්ත්වයන් මුල් අවස්ථාවේම විසඳාලීමට වඩාත් ක්‍රියාශීලීව මැදිහත් වන ලෙස බලයේ සිටින්නන් වෙත අප පීඩනයක් යෙදිය යුතු වුවත්, කණගාටුදායක ලෙස එහිදී අප අසාර්ථක වූ බැවින් දේශය අපගේ අකර්මන්‍යතාවයේ ප්‍රතිඵලයනට මුහුණ දෙමින් පවතී,” යි පුරපතිනි රෝසි විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

Related posts

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

දිවයිනට ආ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද යාල වනෝද්‍යානයේ සංචාරයක

colombotoday

හර්තාල් දින සේවයට නාවන් සොයයි

colombotoday

මඩින් එපා ගොඩින් එනු ! මට බැරි වු දේ පුතා කරයි – ඇමති රාජිත

colombotoday

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday