Colombo Today Local News

මහජන ධනයේ ආරක්ෂකයෝ ජවිපෙ යයි.. පාලකයින්ගේ වංචා දුෂණ අඩුවෙන්න හේතුව ජවිපෙයේ පාර්ලිමේන්තු නියෝජනයයි

අද රටේ පාලකයින් වංචා දුෂණ සිදුකිරීමට යම් ප්‍රමාණයකින් හෝ බියට පත්ව ඇත්නම් එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වසර 5ක් පුරා තම මන්ත්‍රීවරු 6 දෙනා පාර්ලිමේන්තුව තුළ සිය කාර්යභාර්ය ඉටුකර ඇති බවය.

ඒ සෑම මොහොතක්ම ජනතාව වෙනුවෙන් කැපකර ඇති බවත් පැවසු ඒ මහතා, මහජනතාවගේ ධනයේ ආරක්ෂකයෝ ලෙස සෑම විටම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ බව ද පැවසීය.

ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණ බව ද පැවසු ඒ මහතා, ජවිපෙට කතිරේ ගසා පාර්ලිමේන්තු යැවු සියලු දෙනාගේ ගෞරවය රැක ඇතැයි ද කියා සිටියේය.

Related posts

බුලත් කොලයට පමණක් ඡන්දය දෙන්නැයි ජනපති ඉල්ලයි (Video)

colombotoday

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

කේරළ ගංජා තොගයක් සමග හිටපු මන්ත්‍රී අත්අඩංගුවට !

colombotoday