Colombo Today Local News

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර එකඟතාව පළ වී ඇත.

ඒ අනුව එම සභාවේ සභාපති ධුරය සඳහා ජනක රත්නායක මහතා ද , සෙසු සාමාජිකයින් ලෙස චතුරිකා විජේසිංහ, මොහාන් සමරනායක, උදේනි වික්රහමසිංහ සහ මහාචාර්ය ජනක ඒකනායක යන මහත්ම මහත්මීන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවී ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පාර්ලිමේන්තු සභාව රැස්වූ අතර එම සභාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු ඊට සහභාගී වූහ.

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

Admin

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday