Colombo Today Local News

මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්

mrttමරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්‍ෂ නායකයන් එකග වී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරනු ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ පොදු නීතියට අනුව අපරාධ කිහිපයක් සදහා උපරිම දඩුවම ලෙස මරණ දඩුවම සදහන් වී තිබෙනවා.  කෙසේවෙතත් 1976 වසරෙන් පසු එම දඩුවම කි‍්‍රයාත්මක වී නැහැ.අධිකරණය විසින් මරණ දඩුවම නියම කෙරුණද ජනාධිපතිවරයා දිනයක් හා වේලාවක් නියම කර ඒ සදහා අනුමැතිය ලබා නොදීම ඊට හේතුවයි.

කෙසේවෙතත් මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කියාසිටියා.

එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතයද තමන් විමසා සිටින බවයි.

 

Related posts

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin

වෑන් රථයක් පෙරළී කතක් මරුට – 10කට තුවාල

Admin

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday