තමන් කසෛ් හෝ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.
සිය ට්වීටර් ගිණුම ඔස්සේ අමාත්‍යවරයා මේ බව කියා ඇත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම පිළිබදව මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර, ජනාධිපති අපෙක්ෂකත්වය සදහා රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ සමීපතමයන් අතර තුන් කොන් සටනක් ඇතිව තිබේ.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලැබුණ හොත් සජිත් ප්‍රේමදාස මහතා වෙනම බලවේගයක් ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවද සදහන් වේ