Colombo Today Local News

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලාගිය තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි පොලීසිය මගින් පසුගිය 06 වනදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

අංගොඩ ලොක්කා නැමති මෙම පාතාල නායකයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් පිළිබඳව චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මෙරට සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි.

අන්දරවත්තේ චාමර නැමති පාතාල නායකයා ඊයේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදියි.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ සිටින මාකඳුරේ මධුෂ්ගේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.

ඩුබායිවලින් ලැබෙන වාර්තාවලට අනුව එරට පොලීසිය මාකඳුරේ මධුෂ් ඇතුලු සෙසු පාතාල නායකයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.


Related posts

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

colombotoday

දේශපාලන අවුල අස්සේ විදෙස් ආයෝජකයෝ සල්ලිත් අරන් රටින් යයි… ගිය සතියේ පමණක් කෝටි 392ක් ඉවත්කරගෙන

colombotoday

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

colombotoday

දවටගහ මුස්ලිම් පල්ලිය අසල කඩයක් ගිනි ගනී.. පල්ලියටත් ගිනි ඇවිලෙයි

colombotoday