Colombo Today Local News

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

මඩකලපුව විශ්ව විද්‍යාලය යළිත් හිස්බුල්ලාට ලබාදීමට  යම්කිසි බලවේගයක් උත්සාහ කරන්නේ නම්  කොන්දේසි විරහිතව එයට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංශු මාරසිංහ මහතා පැවසීය.

මඩකපුව විශ්ව විද්‍යාලය පිළිබඳ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ ව්‍යවහාරික විගණනයක් සිදු කළ යුතු බවත් මන්ත‍්‍රීවරයා  සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ  අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංශු මාරසිංහ  මහතා මෙසේ ද කීය.

 ‘‘අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක  සභාවේ සභාපතිවරයා විදියට අපි පාර්ලිමේන්තුවට පසුගිය 21 වැනිදා මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ අපේ වාර්තාව ඉදිරිපත් කළා.

මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ අපි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් අවශ්‍යයි  කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ දී ඒ විවාදය ගැන සාකච්ඡාව ඇති වෙයි කියලා.

ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභා සම්ප‍්‍රදායට අනුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු වෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් හතරකගේ මූලිකත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කර ඇති බව අපි දැනගත්තා. සති දෙකක් තුළ ඒ පිළිබඳ තීරණයක් ලැබීමට නියමිතව තිබෙනවා.

මේ වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ කතා පැතිරෙමින් යනවා. මේ වාර්තාවේ කාරණා 15 ක් පැහැදිලිව තියෙනවා. මේ වාර්තාවේ අඩංගු කාරණාවලට  අදාළව ව්‍යවහාරික විගණනයක් සිදු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. මේ වෙලා තියෙන වැරදි සියල්ලක්ම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුයි.

අපි පැහැදිලිවම කියනවා මේ  මඩකලපුව විශ්ව විද්‍යාලය මගින් රටේ නීති උල්ලංඝණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට මේ විශ්ව විද්‍යාලය ඉදිකිරිමට මහවැලි අධිකාරියෙන් අක්කර 35ක් ලබාදී තියෙනවා. ඒ අක්කර 35 ට පරිබාහිරව අක්කර 8 ක් බලෙන් අල්ලගෙන ගොඩනැගිලි ඉදිකරලා තියෙනවා.

මේ රටේ අල්ලපු වත්තකින් පොල් ගෙඩියක්  කැඩුවොත් මොකක්ද වෙන්නේ කියලා අපි දන්නවා.  එහෙමනම්  ආණ්ඩුකාරවරයකුට රජයේ අක්කර  8ක්  බලෙන් අල්ලගෙන ගොඩනැගිලි හදන්න අවස්ථාවක් තියෙනවාද. ඒ නිසා තමයි අපි කියන්නේ මේක නීතිවිරෝධීයි කියලා.

රජයේ නිලධාරින් සාක්ෂිකාරයන් ලෙස කැඳවලා හදපු වාර්තාවක්  මේක. එහෙනම් රජයේ නිලධාරීන් වැරදිකාරයෝ වෙන්න  ඕනෑ. යම්කිසි බලවේගයක් උත්සාහ කරනවා නම්  නැවත මේක හිස්බුල්ලාට ලබා දෙන්න අපි එයට දැඩිව විරුද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

මුස්ලිම් ජනතාවට විරුද්ධව යන ප‍්‍රශ්නයක් නෙමෙයි මේක.  සමහර දේශපාලඥයන් දැන් එහෙම අර්ථ දක්වන්නත් හදනවා. මෙතන තියෙන්නේ රටේ තියෙන නීති වලට පරිබාහිරව බලහත්කාරයෙන්  දේශපාලඥයෙක් කරපු වැරදි ක‍්‍රියාවලියක්.

ආංශික අධීක්ෂණ කාරක  සභා නිර්පාක්ෂිකයි. මම එතනදී  ඉන්නේ  එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදියට නෙමෙයි. අපි ආණ්ඩු පක්ෂ  විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් එකමුතුවෙන් එකඟතාවයෙන් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Related posts

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

colombotoday

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

Admin