Colombo Today Local News

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු හැඟවීමක් කරමින් නිකුත් කල ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී සමාජජාල තුලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ජාවේදී ප්‍රකාශ කලා.

ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා හුදු ලියුම් හුවමාරු පමණක් සිදු කරගනිමින් සිය රාජකාරි වගකීම් පැහැර හැර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, පොලිස්පතිවරයා අද දිනයේ ඉල්ලා අස්වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ය.

නව ආරක්ෂක ලේකම්වරයා අද පත් කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් විදේශ රටවලින් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා හා ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සැලකිල්ලක් දක්වා නොමැති බව ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී පැවසුවේ ය.

Related posts

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

colombotoday

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

colombotoday

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday