Colombo Today Local News

බීඩි කොල වංචාකරු ෆයිසාල් අහමඩ් කරුංකා මගඩියටත් සම්බන්ධයි… පිටුපසින් ප්‍රබල දේශපාලන හස්ථයක්…

තීරු බදු වංචා කරමින් මෙරටට ගෙන ආ බීඩි කොළ කන්ටේනරය නීති විරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ (18) යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලද නූර්දීන් ෆසාල් අහමඩ් නැමැත්තා ලංකාවේ කරුංකා ප්‍රති අපනයන ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම් සමඟත් සම්බන්ධකම් පවත්වා ඇති බව වාර්තා වේ.

වසර 1998 දෙසැම්බර් මස 28 වැනිදා අත්සන් තබන ලදුව 2000 මාර්තු 1 වැනිදා බලාත්මක කොට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් (ISFTA) ප්‍රයෝජන ලබා ගනිමින් වෙනත් රවල සිට ලංකාවට කරුංකා ගෙන්වා එම ගිවිසුම හරහා ප්‍රති අපනයනය කර වංචා සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති වයඹ ට්‍රේඩර්ස් සමාගමේ හිමිකරු අදාළ සැකකරුගේ මාමණ්ඩිය බව පැවසේ.

වයඹ ට්‍රේඩර්ස් සමාගමේ හිමිකරු ලෙස කටයුතු කරනු ලබන්නේ එස්.එච්. සදිකින් නැමැත්තෙකි.

කරුංකා ප්‍රතිඅපනයනයේදී සිදු කළ බදු වංචාවලට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ගේ මෙ සහය ලැබී ඇති බව රේගු පරීක්ෂණ වලින් පසුගිය කාලයේදී හෙළිව ඇති බව වාර්තා වේ.

බදු වංචා කර ලබා ගන්නා බීඩි කොළ ලබාදී ඇත්තේද ලංකාවේ දේශපාලන සම්බන්ධකම් සහිත ප්‍රධාන පුද්ගලයන්ට බව හෙළිව තිබේ.

බීඩි කොළ බදු වංචාව හරහා එක් කන්ටේනරයකින් රුපියල් ලක්ෂ 100ක පමණ බදු වංචා සිදු කරනු ලබන බව පැවසේ.

වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බව හඟවා ඉන්දියාවට අපනයනය කිරීමේ හොර ජාවාරමේ ප්‍රධාන සැකකරු බීඩි කොළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා බව ද රේගුවට හෙළි වී ඇත.

ශ්‍රී ලංකා මිරර්

Related posts

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday

පී සී ආර් මගහරින / ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරනවා.

colombotoday

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

ITN Adult’s Only අගමැති උපදෙසින්.. මුළින්ම පෙන්වන්නේ සමලිංගික චිත්‍රපටයක්

colombotoday

ගංජා ග්‍රෑම් 110ක් සහ අයිස් ග්‍රෑම් 120 සමග චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday