Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පිටවීමට ඉඩ නොදෙනු. ජාත්‍යන්තර කොටි එක්සත් රාජධානියෙන් ඉල්ලයි

දෙමළ ඊළාම් ජාත්‍යන්තර රජය (Transnational Government of Tamil Eelam (TGTE)) නමැති දිවයිනෙන් බැහැරව ක්‍රියාත්මක කොටි ත්‍රස්තවාදීන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එක්සත් රාජධානියෙන් පිටවීමට ඉඩ නොදෙන ලෙස එරට රජයෙන් ඉල්ලා තිබෙනවා. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පරලොව යවමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂිය මෙහෙයුමේ ඉදිරියෙන් සිටි සෙන්පතියකු වීම හේතුවෙන් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව, “සිවිල් වැසියන් මරාදමුවා”යැයි චෝදනා කර සිටින එම ත්‍රස්ත සංවිධානය ඔහුට විරුද්ධව යුධ අපරාධ චෝදනා යටතේ ක්‍රියාකලයුතු බව එක්සත් රාජධානි රජයෙන් ලිකිත ඉල්ලීමක් සිදුකර තබෙනවා.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 59 වන සේනාංකයේ ගැමුණු බළඇණියේ 2009 වර්ෂයේ යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ සේවය කර ඇති බවත් ඔවුන් යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවත් “දෙමළ ඊළාම් ජාත්‍යන්තර රජය” සඳහන් කර සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන වලට අනුව, 59 වන සේනාංකය ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට රෝහල්, ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම් ඇතුළු විවිධ යුද අපරාධ රැසක් සිදු කළ බවට චෝදනා එල්ලකර සිටියි.

Related posts

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

colombotoday

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday