Colombo Today Local News

බස්නාහිර පළාතේ විදුලි කණු, දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි කණුවල සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.

ඒ අනුව අද උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බව පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

කොළඹ නගරය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මතය.

Related posts

උතුරේ දරුවන්ට පෙන්වීමට ‘කොටි කෞතුකාගාරයක්‘ හැදීමට යෝජනා වෙයි

colombotoday

කරුට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් නෑ… ආණ්ඩුවේ තීරණය මෙන්න…

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

colombotoday

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

Admin