Colombo Today Sports News

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

 ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, හේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.

මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.

අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය.

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් වේගවත්ම අර්ධ ශතකය ඇන්ඩ්‍රි රසල්ගෙන්.

colombotoday

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….

colombotoday

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday