Uncategorized

බංගලි අරගල ආතල් ඉවරයි රට බංකොලොත්

මාස කීපයක් තිස්සේ ඇති වූ අරගල හේතුවෙන් බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන ලද නව අන්තර්වාර රජය පවත්වාගෙන යාමට අරමුදල් සම්පාදනය බරපතළ ගැටලුවක් වී ඇත.

ඒ හේතුවෙන් අන්තර්ජාතික අරමුදල් සම්පාදන ආයතන හරහා ඩොලර් බිලියන අටක ආධාරයක් අන්තර්වාර රජය ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම සෙසු ණය දෙන ආයතන හරහා මෙම මුදල් ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

ගත වූ මාස කිහිපයකදී එරට තුළ ඇති වූ අරගලය සමඟ මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක් ඇතිව තිබේ.

මේවන විට බංගලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මොහමඩ් යූනුස් විසිනි.ඔහු මීට සති කිහිපයකට පෙර අරගලකරුවන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්ද ස්ථාපනය කිරීමටද කටයුතු කරන ලදී..

Related posts

රටෙන් පනින රටවැසියන්

Admin

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

colombotoday