Colombo Today Local Newsජනාධිපතිවරණය

පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව 05දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට අදාළව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලාංඡනය වෙනස් කිරීමට මෙම මස 05 වැනි දින දක්වා කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මීට අමතරව පක්ෂයට විරුද්ධව කටයුතු කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 14 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කළ බවත්, ඉන් හතරදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව දැනට පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙන එස්.බී. දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා හා ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට පොදුජන පෙරමුණ කටයුතු නොකළහොත් 05 වැනි දින මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ තීන්දුව ගැනීමට තීරණය වූ බවද දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.  

Related posts

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday

මීගමුව ආපන ශාලාවක තිබී බෝම්බයක් හමුවෙයි…

colombotoday

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday