Colombo Today Local News

පොලිස් නිලධාරියාට පහර දුන් මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක්  සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්  කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.


බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්  10 වැනි  දින සවස මන්ත්‍රිවරයාට ඉදිරියෙන් ධාවනය වු  බව කියන ජිප් රථයක පැමිණි කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය මගින් ක්‍රියාත්මක කර තිබුණි.

අද  (13) මන්ත්‍රීවරයා   නීතීඥවරයෙක් මාර්ගයෙන්  බණ්ඩාරවෙල අධිකරණයට  ඉදිරිපත් වීමෙන් අනතුරුව  මෙලෙස ඇප නියම විය. 

Related posts

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

colombotoday

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday

ජාත්‍යන්තර කොටි ජාලය ජීනීවාහී රැස්වෙයි… ගෝඨාභයට එරෙහි මෙහෙයුම සැප්. 7 ඇරඹෙයි…

colombotoday