Colombo Today Local News

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

මොනරාගල දිස්ත්‍රික් පුරා වස්තු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (31)දින දහවල් සිදුකළ වැටලීමකදී නිධන් සොයා කැණීම් කල පුද්ගලයන් අට දෙනෙකු උපකරණ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් අරඹෙකෙම විහාරස්ථානය ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ පොකුණක් ආශ්‍රිතව ඇඳිරි නීතිය අවස්ථාවේ දී මෙම කැණීම් සිදුකර ඇති අතර පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50-60 අතර වයස්වල පසුවන කලුතර, පානදුර, තිස්සමහාරාමය සහ පන්නෙගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් ඩෙටනේටර් නවයක්, වෙඩි බෙහෙත්, ගල් විඳින උපකරණයක්, සවල්, අලවංගු ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කැණීම් සිදුකළ ස්ථානයේ විශාල වලක් හාරා පොකුණ විනාශ කරමින් කැණීම් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් අද (1)දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

ඉන්ධන පිරවුම් හලක් අසල නාදුනන මළ සිරුරක්

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday

අරණායක නගරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

colombotoday

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

colombotoday