World

“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයි

happy-children-with-red-lanterns1979 වසරේ සිට චීනයේ ක්‍රියාත්මක වූ එක්දරු උපත් නීතිය ඊයේ 29 දින පටන් ඉවත් කිරීමට චීන රජය තීරණය කර ඇත. ඉදිරි වසර 5ක කාලය තුළ චීනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහා එරට පාලක පක්ෂය විසින් පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

නව තීරණය අනුව සියලූම විවාහක යුවළ සඳහා දරුවන් දෙදෙනෙකු බිහි කිරීමේ අවස්ථාව උදාවනු ඇති.

එක් දරුවෙකු පමණක් බිහි කිරීමට අදාළ මතභේදාත්මක නීතිය හේතුවෙන් නව දරු උපත් කෝටි 40 වළකා ගැනීමට හැකි වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. එක් දරු නීතිය කඩ කරන විවාහක යුවළ සදහා දඩුවම් පැමිණවීමද සිදු කෙරුණු අතර දඩ නියම කිරීම, රැකියා අහිමි කිරීම, බලහත්කාරයෙන් ගබ්සා කිරීම ඇතුළු දඩුවම් ඊට අයත්.

Related posts

රුසියාව “බලශක්ති ත්‍රස්තවාදයට”යොමු වන බවට යුක්‍රේන ජනාධිපතිගෙන් චෝදනාවක්

Admin

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

BREAKING : සිරියාවේ Latakia ප්‍රදේශයට ෂෙල් ප්‍රහාර – දැනට මියගිය ගණන 23 යි

colombotoday

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin