Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

පසුගිය අවුරුද්දේ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීමට ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි 90 ක මුදලකට සිදුවු දේ කුමක්ද යන්න එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහා පවසන්නැයි ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ කියති.
 
ඇඹිලිපිටියේ  මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද කීහ.
 
         ‘පාස්කු ප‍්‍රහාරයට අවුරුද්දයි. පාස්කු ප‍්‍රහාරයෙන් 265ක් මියගියා. 500ක් තුවාල වුණා. දේපල විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. ජීවනෝපායන් අහිමිවු විශාල පිරිසක් ඉන්නවා. ආබාධිතව ගෙවල්වල ඉන්න තව විශාල පිරිසක් ඉන්නවා.
 
පාස්කු ප‍්‍රහාරයෙන් තුන් මාසයකට පස්සේ එනම් 2019 ජූලි මාසේ 30දා කොළඹ නෙලූම් පොකුණේදී එවකට බටහිර ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ප‍්‍රධාන පිරිසක් සම්මන්ත‍්‍රණයක් සංවිධානය කළා.. ජාතීන් අතර සාමය, සමගිය, සංහිදියාව ඇති කිරීමේ අරමුණින් ලෝකයේ රටවල් රැසක මුස්ලිම් නායකයන්ගෙන් සමන්විතව මේ සම්මේලනය පැවැත්වුණේ

ලෝක මුස්ලිම් ලීගයේ නායක මොහොමඞ් බින් අබ්දුල්ලා මහතා ඒ සම්මේලනයේ දී පාස්කු ප‍්‍රහාරයෙන් හානියට, විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් ඔවුන්ගේ ජීවිත නැවත නගාසිටුවීම සදහා ඔවුන් අතර බෙදා දෙන්න ඩොලර් මිලියන පහක් ඒකියන්නේ  ලංකාවේ මුදලින් රුපියල් කෝටි අනූවක් එවකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රදානය කළා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසරක් පිරෙන අද වනවිටත් මේ විපතින් පීඩා වි`දින පිරිස් දුකසේ සිය ජීවිත ගෙනියනවා. ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි 90 ක්  මේ අය අතර බෙදා දුන්නාද කියලා අපි වගකිවයුතු අයගෙන් විමසලා බැලූවා.
 
දැනගන්නට ලැබුණේ  ඒවා බෙදා දී නැති බවයි. එහෙනම් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූවට මොකද වුනේ. සම්මේලනය සංවිධානය කළ  එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහාම මේ ගැන රටට, ජනතාවට හෙළි කළයුතුයි’ සෝභිත හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.

Related posts

ප්‍රතිඅපනයනය මුවාවෙන් මෙරටට ගෙන්වූ දුම්වැටි මිලියන 200ක් රේගු භාරයට

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

colombotoday

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

Admin

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday