Colombo Today Local News

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්‌කු ප්‍රහාරයට අයිසිස්‌ නායක අබුබකර් අල් බැග්ඩෑඩිගේ සම්බන්ධය ගැන මෙරට ආරක්‍ෂක බලධාරීන් හෝ බුද්ධි අංශ විසින් ඉරාක බුද්ධි සේවාවෙන් තොරතුරු විමසා නැත.

අයිසිස්‌ නායක බැග්ඩෑඩි ඉරාකයේ අන්බාර් කාන්තාරයේ ඇමෙරිකානු කඳවුරක සිටින බව ඉරාක මන්ත්‍රී හසන් සලීම් ඉරාක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

එසේම රුසියානු ආරක්‍ෂක කවුන්සිලය ද ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්‌කු ප්‍රහාරය අයිසිස්‌ මෙහෙයුමක්‌ බවත් ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන් ඉරාකයට සහ සිරියාවට ගොස්‌ සටන් කර ආපසු ශ්‍රී ලංකාවට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවත් හෙළි කර ඇත.

 එහෙත් මෙරට රජය මේ ප්‍රහාරය ගැන ඉරාක රජයෙන් ද තොරතුරු විමසා නැත.

 ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්‌කු ප්‍රහාරයට අයිසිස්‌ සංවිධානය සම්බන්ධ බවට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ද සනාථ කර තිබිණි.

 එහෙත් ශ්‍රී ලංකා රජය මේ ගැන අවධානය යොමුකර නැත.

Divaina

Related posts

තිලංග සුමතිපාල ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි

colombotoday

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

colombotoday

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday