Colombo Today Local News

පාසල් දරුවන් 27ක් රෝහල් යැවූ රනාල බස් අනතුර

කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රනාල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (19)දින අනතුරක් සිදුවී තිබුණි.

එම අනතුරෙන් පාසල් දරුවන් 27 දෙනෙකු තුවාල ලබා නවගමුව දිසා රෝහලට ඇතුලත් කළ බව හංවැල්ල පොලිසිය සඳහන් කරයි.

පාසල් ළමුන් රැගෙන එමින් තිබූ ලබුගම – කොළඹ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය – කොළඹ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබෙනවා.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථයක් ඉදිරිපස දොර අසල සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නවගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල්ගත කළ ළමුන් අතුරින් 21දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් තවත් පාසල් ළමුන් 06 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.

නවතා තිබූ ඇඹිලිපිටිය කොළඹ මගී බස් රථයේ සිසු සැරිය බස් රථය ගැටී ඇතැයි සිදුකළ මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවත් අපරික්ෂාරී ලෙස රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ සිසු සැරිය බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් හංවැල්ල පොලීසිය සඳහන් කලා.

Related posts

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගන්න තමිල්නාඩු රජය අපොහොසත් වුණා – මුරලිගෙන් හෙළිදරව්වක්

Admin

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday

ඡන්දේ දුන්න විශ්‍රාමිකයන්ට ස්ථාවර තැන්පතු රැඳවුම් බද්දක්

Admin

ළදරුවාට පිටි ටින් එකක් සොරකම් කළ පියා අත්අඩංගුවට

colombotoday

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday