Colombo Today Local News

පාර්ලිමේන්තුවට කුණු පලතුරු.. අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්

රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති පුද්ගලයා අද (04)දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000ක් බැගින් මුදල් ඉල්ලා ඇති බවය.

ඒ අනුව ඊට අදාළව අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට තිබුණි.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදුකළ දැනුම්දීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

Related posts

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

රටට මිනිස්සු හදන වැඩපිළිවෙලක් අවශ්‍යයි – උපත් අදාර ලබාදෙමින් ඥානසාර හිමි පවසති

colombotoday

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයක්

Admin