Colombo Today Local News

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

dilim amunugamaඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර නොගතහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අන්ත පරාජයක්‌ ලැබීම වැළැක්‌විය නොහැකි යෑයි ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ඊයේ (21දා) මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙය බිම් මට්‌ටමේ පාක්‍ෂිකයන්ගේ මතය බවත්, පාක්‍ෂිකයන් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට කරන හිරිහැර නතර කර දිනන වැඩපිළිවෙළකට අවතීර්ණය විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැති නම් පළාත් පාලන මැතිවරණයේදී වෙනම කණ්‌ඩායමක්‌ ලෙස ඉදිරිපත් වන ලෙසට පාක්‍ෂිකයන්ගෙන් දැඩි ඉල්ලීමක්‌ තිබෙන බවත් හෙතෙම පැවැසීය. මෙවැනි වාතාවරණයක්‌ මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදෙනවාද, එකට ඉන්නවාද යන්න පිළිබඳව පක්‍ෂ නායකත්වය හා නිලධාරී මණ්‌ඩලය තීරණයකට එළැඹිය යුතු බවත් අමුණුගම මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන මැතිවරණයට ගියහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය පළාත් පාලන මැතිවරණයට ජයග්‍රහණය කළ හැකි බවත්, ඒ සඳහා කටයුතු කිරීම සඳහා පක්‍ෂ නායකත්වයේ වගකීම බවත් හෙතෙම පැවැසීය.

Related posts

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday

මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියේ සී සෑමක්

colombotoday

රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ

Admin

සම්බන්දන් දැන් සැබෑ ජාතික නායකයෙක්, මං උත්තර දෙන්නේ රතුපස්‌වල ලේ නොගෑවුණු අයට විතරයි – අගමැති

colombotoday