Colombo Today Local News

පල්ලිවලට හෝ ව්‍යාපාරවලට පහරදී, මෙරට පවතින මුස්ලිම් අන්තවාදයට පිළිතුරු සොයන්න බෑ – බොදු බල සේනා

රට තුළ ඇති වී තිබෙන ඉස්ලාම් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට පිළිතුරු ගැටුම්වලින් සෙවිය නොහැකි බව බොදු බල සේනා සංවිධානය පවසනවා. රාජගිරිය බොදු බල සේනා මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි ඊයෙ (14) මේ බව සඳහන් කර සිටියා.

බොදු බල සේනා සංවිධානය කිසිම විටක මුස්ලිම් ව්‍යාපාර හෝ මුස්ලිම් පල්ලි ඉලක්කකර ප්‍රහාර දියත් කර නොමැති බවත් සංවිධානාත්මක පිරිස් විසින් පසුගිය කාලයේ එල්ලවූ ප්‍රහාර බොදු බල සේනා සංවිධානය මත පැටවීමට උත්සාහ කර සිටි බවත් ජනාධිපති කොමිසමක් හෝ පත්කර බොදු බල සේනා සංවිධානය එවැනි ප්‍රහාරවලට සම්බන්ධනම් ජනාධිපති කොමිසමක් පත්කර හෝ සොයා බලන ලෙසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පසුගිය වසර ගණනාවකම පැවැති සහ පවතින ආණ්ඩුවට අභියෝග කළ බවත් නන්ද හිමියෝ අවධාරණය කර සිටියහ.

පසුගිය වසරවල ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි එහි වැඩම කර විසඳු බවත් ගම්පොල කඨින පෙරහැරට මුස්ලිම් පල්ලියකින් එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාව ද උන්වහන්සේ මැදිහත් වී විසඳු බවත් තෙල්දෙණිය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාව රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඥාණසාර හිමි විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් මෙහිදී නන්ද හිමි පෙන්වාදුන්නා.

මෙරට පවතින ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය පිළිබඳව පසුගිය වසර ගණනාවක් තුළ බොදු බල සේනා සංවිධානය අනාවරනය කිරීමට පියවර පියවර ගත් බවත් එම අන්තවාදයට පිළිතුර මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාරවලට හෝ පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීම නොවන බවත් බොදු බල සේනා සංවිධානය එවැනි ක්‍රියාකාරකම් අනුමත නොකරන බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

Related posts

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

Admin

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday

පොලීසියට තග දැමූ දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්

colombotoday

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday