Colombo Today Local NewsCovid 19

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

කොළඹ රතුපල්ලියේ පැවැති දේව මෙහෙයකට සහභාගී පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට පල වී ඇති වාර්තා එම පල්ලියේ පිරිසක් ප්‍රතික්ෂේප කර සිටින නමුත්, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ පසුගිය 13වනදා කොරෝනා ආසාදනය වු රෝගීයෙකු අදාල දේව මෙහෙය සඳහා සහභාගි වී ඇති බවයි.

ඊයේ (27) පෙරවරුවේ පැවති ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට සහභාගි වෙමින් ඔහු එබව තහවුරු කළේය.

කොරොනා වෛරසය ආසාදනය වු එකම පවුලේ පියෙකු සහ පුතෙකු සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් පුත්‍රයා තමන් එදින රතු පල්ලියේ දේව මෙහෙය සඳහා සහභාගි වු බව පිලි ගන්නා බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසීය.

එම නිසා මෙම මොහොතෙදි ඇති වී තිබෙන ව්‍යවසනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදාල දිනයේ රතු පල්ලියේ දෙවමෙහෙය සඳහා සහභාගි වු පිරිස ස්වං නිරෝධායනයට ලක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙම කරුණු සියල්ල රාජ්‍ය බුද්ධි අංශ යොදවා තහවුරුකර ගත් කරුණු බවද ඔහු අවධාරණය කර සිටියේය.

Related posts

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday