Colombo Today Local News

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

පරිසරයට හානි සිදුකරන සහ නීතිවිරෝධී වැලි කැනීම් ඇතුලූ‍ ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබද සොයාබැලීමට වෙනම කණ්ඩායමක් යොදවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අග‍්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර පරිසර අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල දූෂණ හා වංචා සිදුව ඇත්නම් ඒ පිළිබද වහාම දැනුම්දෙන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර භූ විද්‍යා පතල් කැනීම් කාර්යංශයේ අක‍්‍රමිකතා සෙවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් මේවනවිට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ භූ විද්‍යා පතල් කැනීම් කාර්යංශයේ සභාපතිවරයා, එම ආයතනය “හොර ගුහාවක්” යැයි කළ ප‍්‍රකාශය හේතුවෙන්. මේ සම්බන්ධයෙන් සොයා බැලිමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරියෙකු, පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයෙකු සහ අභ්‍යන්තර විගණන නිලධාරියෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

Related posts

ගත්පියවර ආපස්සට ගන්නේ නැහැ… රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා…

colombotoday

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සහ හදිස්සි කැබිනට් රැස්වීමක්

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday