Colombo Today Local News

නීතිය මහ දවාලේ කෙළෙසූ යහපාලන කෙළි සමග රන්ජන්ගේ හඩ පට තොගය එළියට ආ හැටි මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලා වලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දුන්නේ.

රන්ජන් සෑම දුරකතන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන ඉන්නේ. දුරකතනයේ ඉඩ මදි වුණාම දුරකතනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක් වලට සීඩී තැටි වලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලිසියට ලබා දෙන්නේ.

මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකලේ එහෙම කලානම් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කලානම් මේ මහා අපරාධය, අධිකරනයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළි දරව් කරගන්න බැරිවෙනවා.

ඒ නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු මේවා ප්‍රසිද්ධ කලේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලිසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු සිල්ලර කාරණා.

– අරවින්ද අතුකෝරල

Related posts

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday