Colombo Today Local News

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් ස්වාධීන කොමිෂන් සභා වර්තමාන වන විට නමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (4)දින පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය.

ඉහළ තනතුරුවලට නිලධාරීන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන නමුත් දැන් එය විධායකයේ බලයට යටවී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වර්තමාන විධායකය ස්වාධීන ආයතන ආක්‍රමණය කරන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර මත ගැටුම් පවතින බව කී මහාචාර්යවරයා පැවසුවේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට කල උත්සහ නීති විරෝධී මෙන්ම වර්තමාන කැබිනට් මණ්ඩලය නාමමාත්‍රික වෙමින් පවතින බවත්ය.

Related posts

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

colombotoday

නිදහස් පක්ෂය ඉවත් වුනෝත් තුනෙන් දෙක විතක් නෙමේ සරල බහුතරය පවා අහිමි වෙයි – අමරවීරගෙන් ආණ්ඩුවට රිදෙන කතාවක්

colombotoday

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

colombotoday

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්… වරෙන්තු අවලංගු කර නඩුව මුල සිට කැදවයි…

colombotoday

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

colombotoday