Colombo Today Local News

නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩු පවරන්න අල්ලස් කොමිසම ලිඛිත අනුමැතියක් තිබේදැයි පරීක්ෂා කිරිම ජනවාරි 20 වැනිදාට

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා ජනවාරි මස 20 වනදා විමසීමක් සිදු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද(18) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබුවේය.

එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම්කර සිටින පාලිත ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර  රිමාන්ඩ් භාරයේ පසුවන දෙවන විත්තිකරු වූ නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ ද යන්න පිළිබඳව විමසීම් කළ අතර එවැනි  ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර ලෙස අල්ලස් කොමිසමට නියෝගයක් කරන්නැයි ඉල්ලා තිබුණි.

ඒ අනුව අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය විසින් මෙම නඩුවට අදාළව කොමසාරිස්වරුන් විසින් යෙදූ සටන් වල ලේඛන අධිකරණය හමුවේ ගොනු කළේය.

ඒ අනුව මෙම කරුණ පිළිබඳ විභාගය ජනවාරි මස 20 වනදා පවත්වන බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

එදින රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලදී.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

Related posts

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස්

colombotoday

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday

වැඩ වර්ජනයට අපි නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි

Admin

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday