Colombo Today Local News

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු සිදුකරන බව එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා.

ඉන් ප්‍රථම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට බලයක් නොමැති බවයි එහි නීති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා කමිටුවක් පත්කරන අතර ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගනු ලබන්නේ එම නාමයෝජනා මණ්ඩලය විසින් බවයි ඔහු කියා සිටියේ.

තවද නාමයෝජනා කමිටුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගත් පසුව ඔහුගේ නාමය එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතුද වනවා.

මෙම කරුණු පිළිබඳ ප්‍රතිපාදන සහිතව පක්‍ෂ ව්‍යවස්ථාව දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සකස් කර ඇති බවයි එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ.

Related posts

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

colombotoday

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

colombotoday

පසුගිය වර හැංගි මුත්තන් සෙල්ලන් දැමූ බදුර්දීන් “එන්න කිව්වනම් මම එනවා නේ” යැයි පොලීසියට ටෝක් දෙයි.

colombotoday

“අගමැතිගේ ගජමිතුරු කල්ලිය අමාත්‍යංශ වැඩ වලට අනවශ්‍ය අතපෙවීමි කරා“ – හිටපු ඇමති චන්දිම [VIDEO]

colombotoday