පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ ක්රියාත්මක කරන නව රථවාහන සැලැස්ම හේතුවෙන් අවට මාර්ග කිහිපයක තදබදයක් ඇති වී ඇති බව වාර්තා වනවා. පොලීසිය සදහන් කළේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම, රාජගිරිය සහ වැලිකඩ යන ප්රදේශවල මෙම රථවාහන තදබදය පැවතුණු බවයි. මෙම නව රථවාහන සැලසුම ක්රියාත්මක වන්නේ එම මාර්ගවල තදබදය අවම කිරීම සදහා වුවද නව සැලසුම පිළිබදව අවබෝධය නොමැති කමින් මෙවැනි තත්වයක් මතුව ඇති බව පොලීසිය සදහන් කරනවා.