Colombo Today Local News

නන්දලාල්ගෙන් අනතුරු ඇගවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටී

ඔහු මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් බවයි.

Related posts

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. සංඝ පාතාලය ලෙස හඳුන්වයි.

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

colombotoday

වන විනාශයන් නතර කිරීමට සියළු ආරක්ෂක අංශ එක්කර කඩාපනින හමුදාවක්

colombotoday