Colombo Today Local News

ධීවර රැකියාවට කොරියා යන්න 700 ක් බඳවා ගැනේ. අයදුම්පත් නිකුත් කිරීම 19 දා සිට.

korea fisharyදකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියාවන්ට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ මස 19 සිට 21 දක්‌වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි.

අයදුම්පත් ගාල්ල, මාතර, හම්බන්තොට. ගම්පහ, ත්‍රිකුණාමලය, රත්නපුර, රත්මලාන, අනුරාධපුර හා හලාවත යන කාර්යාංශයේ පුහුණු මධ්‍යස්‌ථානවලදී නිකුත් කෙරේ.

මෙම භාෂා ප්‍රවීණතා (කොරියන් භාෂාව) පරීක්‍ෂණ සඳහා අයදුම් කළ හැක්‌කේ වයස අවුරුදු 18 – 39 අතර අයට වන අතර ධීවර ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා පමණක්‌ අයදුම් කළ යුතුවේ.

අයදුම්පත් නොමිලේ සපයන අතර විභාග ගාස්‌තු පවතින විනිමය අනුපාතය අනුව ඇමරිකන් ඩොලර් 24 කි. එය දළ වශයෙන් රුපියල් 3420 කි. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්‌, 3.5Ü4.5 ජප ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක්‌ අයදුම්පත සමඟ ඉදිරිපත් කිරිම අනිවාර්ය වේ.

මෙවර පරීක්‍ෂණයෙන් අයදුම්කරුවෝ 700 ක්‌ පමණ බඳවා ගනිති. දකුණු කොරියාවේ රැකියා හා කම්කරු අමාත්‍යාංශය හා මෙරට විදේශ රැකියා අමාත්‍යාංශය අතර අත්සන් තබන අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට පමණක්‌ දකුණු කොරියාවට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් යෑවීම සඳහා නීත්‍යානුකූල බලය පවතින බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි. 2015 වර්ෂයේ මාස 09 ඇතුළත පුද්ගලයන් 5,599 ක්‌ දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස්‌ ඇත.

Related posts

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

colombotoday

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

Admin

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

colombotoday