Colombo Today Local News

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

මෙවර මහ මැතිවරණයේදී තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ දැන්වීම් සහ ප්‍රචාරක පත්‍රිකාවල, තමාගේ ඡායාරූපය භාවිත කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

තමා මුණ ගැසීමට පැමිණි අවස්ථාවන්වලදි ලබාගත් ඡායාරූප ඔවුන් මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරමින් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව දන්වා තිබේ.

අදාල නිවේදනය මගින් කාදිනල් හිමිපාණන් පෙන්වාදෙන්නේ තමා හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවය.

තම හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday