Colombo Today Local News

දියතලාව බස් බෝම්බයට සැක හමුදා නිලධාරියාට නඩු !

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී පසුගියදා (21දා) අලුයම බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම අත්බෝම්බය රැගෙන එන්නට ඇතැයි සැකකරන යුද හමුදා නිලධාරියා (බලලත් නිලධාරි 11)ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

කෙසේ නමුත් මෙම යුද හමුදා නිලධාරියා මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලේදී සැත්කමකට යොමුකර ආසධ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් කටඋත්තරයක් ලබාගැනීමට මේ දක්වා නොහැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සැකකරු ඉඳගෙන සිටි අසුනේ එක් පැත්තක සිටි යුද හමුදා නිලධාරියෙද බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැත්කමක් මගින් ඔහුගේ වම් පාදය දණහිස අසලින් කපා දමා ඇතැයිද පොලීසිය පවසයි.

මීට අමතරව අනෙක් පසින් ඉඳගෙන සිටි නාවික ගුවන් භටයෙකුගේ පාදයටද තුවාල සිදුව තිබේ.

සැකකරු අසුනින් නැගිට බැසීමට සූදානම් වන විටම සැකකරු සන්තකයේ තිබූ යමක් බිම වැටන ශබ්දයක් ඇසුණු බවත්, එසැණින් බසය තුළ පිපිරීමක් ඇතිවී ගිනි ගැනීමක් සිදුවූ බවත් දියතලාව ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත මෙම නායක ගුවන් භටයා ප්‍රකාශ කර ඇතැයිද පොලීසිය පවසයි.

Related posts

හදිසි විදුලිය මිලදී ගැනීමකට කොමිෂන් සභාවේ අවසරය

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday

තෙල් ගේන්න පැරණි සමාගමටම ටෙන්ඩරය දෙයි

Admin

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin