Colombo Today Local News

දිනවිය යුතු ජනාධිපති අපේක්ෂකයා ගැන ඥානසාර හිමි කියති

2015දී ආණ්ඩු පෙරලිය වන විට ලෝකයම භීතියට පත්කරන අන්තවාදී මත දරන ත්‍රස්තකල්ලි නියෝජනය කරන පුද්ගලයන් යහපාලනය ගෙනෙන්න උදව් කල බවත් ඒ බව තමන් වහන්සේ එම දිනවල හෙළි කල බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (27) කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ පැවති බොදු සමුළුවක් අමතමින් සඳහන් කර සිටිනවා.

යහපාලනය ගෙනත් එයින් දේශපාලන බලය ලබාගෙන එක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳ වැට්ටු බවත් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමික අන්තවාදී බලවේග දුර්වල ආණ්ඩුවක් තෙරු බවත් ඒ දුර්වල ආණ්ඩුව ත්‍රස්තකල්ලි පෝෂණය කර ඔවුන්ට ඔනෑ විදිහට වැඩෙන්න ඉඩ දුන් බවත් එහි අවසාන ප්‍රතිපලය ලෙස පුදබිමක මිනිස් ජිවිත 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

2015 යහපාලනය ගෙන එන්න වැඩ කල කල්ලි කණ්ඩායම් මේ වතාවෙත් ජනාධිපතිවරණයට උදව් කරමින් සිටින බවත් ඔවුන් බලයට පැමිණියහොත් කොහොම තියේවිද? යැයි ඥානසාර හිමි මෙහිදී ප්‍රශ්න කර සිටියහ.

“පාරවල් දෙකක් පෙන්නන්න පුළුවන්. මිනිසුන්ට ආදරයෙන් අපි කියනවා එක පාරක් කාපට් දාලා ඇති. ගැස්සෙන්නේ නැතුව යන්න පුළුවන් ඇති. හැබැයි ඒ පාරේ කොටි ඉන්න බව මතක තියා ගන්න. ඒ පාරේ විෂඝෝර සර්පයෝ ඉන්න බව මතක තියා ගන්න. ඒ බව අපි දැක්කා උතුරට ගියහම. ටිකක් අමාරුවෙන් හරි සර්ප බිය නැති කෙලින් පාරේ යන්න. කොටි බිය නැති පාරේ යන්න. ඒක තොර ගන්න.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

Admin

පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday