Colombo Today Local News

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර බරපතල මතගැටුමක් හටගෙන ඇත.

ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් තම අමාත්‍යංශය විවේචනය කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක මහතා දැඩිව විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය මතුව තිබේ.

”රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ්‍රීලනිප ඇමතිලා රාජපක්‍ෂ ඞීල් එකකට වැඩ කරනවා’ යයි මුදල් ඇමතිවරයා පැවසීමත් සමග ඇමති දයාසිරි ජයසේකර මහතා ඊට විරෝධය පල කරමින්,  වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවත් අද කැබිනට්ටුවේ සිටින සියළු ශ්‍රීලනිප ඇමතිවරුන් රාජපක්‍ෂලාගේ ක්‍රමයට විරුද්ද ආණ්ඩුව හා සම්බන්ධ වී සිටින බවද සදහන් කර තිබේ.

රාජපක්‍ෂලා සමඟ ඩීල් දමාගෙන ඔවුන් රකිමින් ජනතා ධනය කොල්ලකමින් සිටින්නේ කවුදැයි රටම දන්නා බව පවසා ඇති ඇමති දයාසිරි ජයසේකර මහතා, ශ්‍රීලනිපය නැතිව හැකිනම් ආණ්ඩුව කරගෙන යන්නැයි මුදල් ඇමතිට අභියෝග කර ඇත.

මෙම නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වීමට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.

Related posts

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

colombotoday

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට ඇරඹයි

Admin